

මහනුවරට අලුත් පණකි දළදා මාලිගාව.දළදා මාලිගාව පිහිටි නගරය මහනුවර. මහනුවර නගරය වසර අ.වු. 2000 පමන පරන නගරයකි. (මහනුවර නගරය) පළමුව ඉදිකල රජු 1 වික්මභාහු රජුය. මහනුවර නගරය ජනතාව අධික නගරයකී. මහනුවර නගරය සෙංකඩගල නගරය (මහනුවර නගරය) ලංකාවේ දෙවන විශාලම නගරයයි. වර්තමානයේ ශ්‍රී දළදා මාලිගාව පිහිටා ඇත්තේ මෙහිය. මෙය කඳුවලින් වටවී ඇති මහනුවර සානුවෙහි පිහිටා ඇත. මහනුවර නගරය ශ්‍රී ලංකාවේ නගර අතරින් ඉතාමත් විචිත්‍ර වූ නගර වලින් එකකි. මෙය මහනුවර, මාතලේ, නුවරඑළිය යන දිස්ත්‍රික්ක වලින් සැදුම් ලත් මධ්‍යම පළාතේ අගනගරයයි. මෙය යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. ඓතිහාසික ලේඛනයන්ට අනුව මහනුවර මුල්වරට ගොඩ නගා ඇත්තේ වික්‍රමබාහු රජු විසිනි ඔහු මෙය වර්තමාන නගරයට උතුරින් පිහිටි වටපුළුව ප්‍රදේශයේ ගොඩ නගා එයට ‘සෙංකඩගලපුර’ යන නම දී ඇත. සෙංකඩගලපුර නම ලැබීමට නිශ්චිත හේතුවක් දැනට සොයා ගෙන නැති අතර, ඉතිහාසන්යන් පවසන්නේ නගරය ආසන්නයේ ගුහාවක වැඩ වාසය කල ‘සෙංකන්ඩ’ නැමැති තාපසයෙකුගේ නමින් මෙය නම් කරන්නට ඇති බවයි. මෙය රජුගේ ‘සෙංකන්ඩ’ නමැති බිසවක මුල් කරගෙන හෝ සෙංකඩගල නම් වර්ණිත පාෂාණයක් මුල් කරගෙන නම් කරන්නට ඇති බව අනෙක් මතයි.1592 වර්ෂයේදී මහනුවර ශ්‍රී ලංකාවේ අවසාන ස්වාධීන රාජධානියෙහි අග නගරය බවට පත්විය. 16, 17, 18 යන ශත වර්ෂ වලදී ඇති වූ පෘතුගීසි, ලන්දේසි ආක්‍රමණද අවසාන ලෙස බ්‍රිතාන්‍යය ආක්‍රමණයන්ද සාර්ථකව මැඩපවත්වන ලදි. මහනුවර 19 වන ශත වර්ෂය තෙක් ස්වාධීන රාජ්‍යයක් ලෙස පැවතිනි. ඉන් පසු බ්‍රිතාන්‍යයන් සමඟ ඇති වූ දෙවන මහනුවර සංග්‍රාමයේදී බ්‍රිතාන්‍යයන් 1815 පෙබරවාරි මස 15 වන දින නගරය වෙත ලගාවෙන ලදි. 1815 මාර්තු 2 වන දින ‘උඩරට ගිවිසුම’ මගින් මහනුවර ඇතුලු සමස්තත දිවයිනම බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් බවට පත් විය. ඉන්පසු බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව සිදුවූ අරගල ගන්නාවක ප්‍රතිපලයක් ලෙස 1948 පෙබරවාරි 4 දින මහනුවර ඇතුලු ශ්‍රී ලංකාව නැවතත් ස්වධීන රාජ්‍යයයක් බවට පත් විය.
-
Blog Stats
- 445 hits
June 2012 M T W T F S S « Jan 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 Blogroll
-
Recent Posts
Archives
Categories
Meta















